Wednesday, December 9, 2009

තමන් හිසට තම අතමය සෙවනැල්ල......

මේ තියෙන්නෙ මම ගත්ත තවත් විකාර ඡායාරූපයක්,ඔයාලට හිතෙන දේ සටහන් කරලා යන්න ;)

(ලොකු කරලා බලන්න මේක උඩ click කරන්න)

Monday, November 30, 2009

සිත්ගත් ඡායාරූපයක්...........

මම හිටපු ගමන් කැමරාවත් එක්ක සෙල්ලං කරනවා,මේ තියෙන්නෙ ඒ වගේ ගත්ත ඡායාරූපයක්,හැබැයි resize කරන්න ගිහින් තිබුණු ලස්සන නැති උනා ටිකක්,කට්ටිය කියන්න බලන්න මේක මොන වගේ කැමරාවකින් මොන වගේ තත්ව වලදී ගත්ත එකක්ද කියලා ;) පින්තූරෙ click කරාම හොදට පෙනෙයි

Thursday, November 19, 2009

Cal එකෙන් තත්පර -> පැය,විනාඩි,තත්පර වලට හරවමු.....

අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි කරන්නෙ Cal එකේ අංශක,කළා,විකළා වලට තියෙන function එක,ඒක මේකටත් පාවිච්චි කරන්න පුලුවන් දෙකම 60ටේ ගුණාකාර නිසා,

මේ තියෙන්නෙ කරන විදිය,සුදු පාටින් රවුම් කරලා තියෙන්නෙ අදාල key එක.



උදා: 0 0 34189 AC මගින් 9hrs 29 min 49 sec ලබාදෙනවා ;)

Sunday, November 15, 2009

Sony Ericsson දුරකතන භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ලබාගමු.....

Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාකරන්න උනත් වෙනම modem සල්ලි දීලා ගන්න ඕනි නෑ,HSDPA නැතිනම් දුරකතනයේ UTMS(3G) , EDGE හෝ GPRS භාවිතා කරන්න පුලුවන්,

මේකට ඉතින් ඔක්කොටම කලින් Sony Ericsson Modem driver එක දාගන්න ඕනි.මේක වෙනමත් තියෙනවා හොයාගන්න(phone CD එකේ තියෙනවා ගොඩක් වෙලාවට),එහෙම අමාරුම නම් Sony Ericsson PC Suite එක දාගන්න(ඕනි නැති ඒව ගොඩක් එක්ක),නැත්නම් වින්ඩෝස් වල Online Search කරලා install කරගන්න option එක දෙන්න.

දැන් පොඩි දෙයක් බලා ගන්න තියෙනවා,යන්න ෆෝන් එකේ Settings Menu එකට



ඊට පස්සේ Connectivity Sub menu එකට,සමහර දුරකතන වල මේක තියෙන්නෙ Main menu එකේමයි,Settings ඇතුලේ නෙවේ,(K300i වගේ ඒවගේ)
දැන් යන්න Internet Settings වලට



ඒකේ Connect using එක ඇතුලට යන්න



දැන් අවශ්‍ය Data Account එක select කරල options යන්න



ඒකේ View select කරන්න



දැන් එන විස්තරේ External ID එකට තියෙන අංකය මතක තියාගන්න,අපි ඒක x කියල හිතමු,
මේ අවස්ථාවේ නම් x=8



දැන් ඉතින් ආයේ ඔක්කොගෙන්ම ඉවත් වෙන්න,Data Cable එක සවි කරන්න.මේ වගේ Menu එකක් ආවොත් Phone mode select කරන්න.



දැන් යන්න Control Panel -> Network & Sharing Center



ඒකේ යන්න Setup a connection or a Network,Set up a dial-up connection තෝරන්න.



එතකොට අහයි Modem එක මොකක්ද කියලා,ඒකට දෙන්න Sony Ericsson කියල එන එක.
Next කරන්න



Dial up phone number එකට දෙන්න *99***x#
මේ x කියන්නෙ අපි අර බලාගත්ත x,මේ වෙලේ නම් x=8



දැන් ඉතින් සාමාන්‍ය විදියට Dial up connection එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්,
අලුත් Sony Ericsson දුරකතන වල තව විදියක් තියෙනවා,ඒක ඊළග ලිපියෙන් කියලා දෙන්නම් :)

Thursday, October 22, 2009

ජංගම දුරකතන හා සිංහල,MP3 ID3

ගොඩක් කාලෙකින් වියුණ ලියන්නත් බැරි උනානේ,මේකත් ලියන්නේ මොහොම හදිසියෙන්,
අපි හැමෝටම පුරුදු MP3 ID3 ගැන තමා මේ කියන්න යන්නෙ;ගායකයාගේ නම,ගීතයේ නම ආදී දේවල් තමානේ මේ ආකරයට තියා ගන්නෙ(වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/ID3)
මේ කියන්න යන්නේ හදිසියේ වෙච්ච දෙයක් ගැන,මට ගීතයක් හම්බුණා සිංහලෙන් MP3 ID3 තියෙන,
නිකමට ජංගම දුරකතනයට දාල බැලුවා,අපූරුවට වැඩ,(රෙන්ඩරින් පොඩ්ඩ්ක් අල තමා ඉතින් ;) )
මේ තියෙන්නේ තිර පිටපතක්,ජංගම දුරකතනයට සිංහල දාල තියෙන අය කරලා බලන්නකෝ,නිවාඩු තියෙන වෙලාවක ආයේ ලියන්නම් ;)

Sunday, June 28, 2009

ජංගම දුරකතනයට ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්.....

අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම.
මම අද නිකන් කැරකි කැරකි ඉද්දී නිකමට හිතුනා අපූරු අදහසක්...
ඒ තමා කාටත් හුරු පුරුදු මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයේ අන්තර්ජාල සංස්කරණය ජංගම දුරකතනයෙන් පාවිච්චි කිරීම

www.maduraonline.com වෙතට ජංගම දුරකතනයෙන් යාමෙන් මෙය පාවිච්චි කරන්න පුලුවන්.
ජායාරූප දර්ශනය නවත්වන එක ඇගට හොදයි ;) (නැත්නම් ලොකු බිලක් යයි)

ජංගම දුරකතන වලට සිංගල දාන්නේ මෙහෙමයි ;)
http://nagaadaviya.blogspot.com/2009/03/blog-post_24.html

මෙහෙම සිංහල දාන්න බැරි අයට Opera Mini එකේ about:config ගිහින් Rendering complex fonts at server කියන එක enable කරා නම් පුලුවන් ලේසියෙන්ම(හැබැයි එතකොට ඒව පින්තූර විදියට එන නිසා ගාන ටිකක් වැඩියේ යයි)

මේ තියෙන්නෙ මගේ ජංගම දුරකතනයේ තිර පිටපතක් ;)

Friday, May 29, 2009

උබුන්ටු වල අකුරු තියෙන තැන් කලු වෙනවද?

මම මේ බොහොම අමාරුවෙන් නෙට් බුක් එකට උබුන්ටු දාගත්තා...PXE Netboot එකක් කරලා...දාලා බැලින්නම් සමහර තැන් වල අකුරු කලු පාට කොටු කොටු වෙලා...මටත් හිතා ගන්න බැරිඋනා මොකක්ද අවුල කියලා;මොකද මේකේම WinXP වල කිසි අවුලක් නෑ...(Original ආවෙත් ඒක..තාම Original Sticker එක යස අගෙත තියෙනවා ;) )



මොනවා කරන්නද කියලා බල බල ඉද්දී ශාකුන්තල අයියා කීවා jauty-proposed repository එකෙන් යාවත්කාලීන කරන්න කියලා...ඒත් ඒක හරිගියේ නෑ..

පස්සේ මත නිකමට හිතුනා font rendering පොඩ්ඩක් අතපත ගාලා බලන්න කියලා..
System->Preferences->Appearance වල Fonts

ඒකේ Subpixal Smoothing(LCD) අයින් කරාම හරිගියා...ඔයාලගෙත් මේ ලෙඩේ තියෙනවනම් මෙහෙම කරලා බලන්න... :)